Home Business කොටස් මිලදී ගන්න මේ හොඳම කාලයයි

කොටස් මිලදී ගන්න මේ හොඳම කාලයයි

427

සමස්ත වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාත (P/E) අගයයන් පහළ මට්ටමක පවතින බවත්, පොලී අනුපාත පහළ ගොස් ඇති මෙම වකවානුවේ දී කොටස් මිල දී ගැනීමට හෝ තිබෙන කොටස් රඳවා තබා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බව මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමෙහි විශේෂ සටහන් කිහිපයක් තබමින් පවසයි.

ඒ අනුව මෙම වසර තුළ දී සමාගම් බොහොමයක ක්‍රියාකාරීත්වය නියත වශයෙන්ම ඉහළ යනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම තැරැව්කාර සමාගම් විසින් කොටස් ආයෝජකයින්හට ආන්තික ණය පහසුකම් ලබා දීම් සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස දක්වා තිබේ. එනම් එය සම්පූර්ණ ආයෝජන කළඹ මත පනම්ව සිදුවිය යුත්තක් මිස තනි තනි සමාගම් කොටස් මත පදනම්ව සිදුවිය යුත්තක් නොවන බවයි.

මේ අවස්ථාවේ දී සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 3 ක් වුවද එය මධ්‍ය කාලයේ දී රු. ට්‍රිලියන 4.5 ඉක්මවා යා යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here