Home Hit ඔබතුමා නොමිලේ දුන්නු ගෙදරට මේ ආණ්ඩුව සල්ලි ඉල්ලනවා (VIDEO)

ඔබතුමා නොමිලේ දුන්නු ගෙදරට මේ ආණ්ඩුව සල්ලි ඉල්ලනවා (VIDEO)

669

ජාතික ආරක්ෂාව තහවුරු කරන බව පොරොන්දු වෙමින් බලයට පත් වත්මන් ආණ්ඩුව යටතේ නීති පිළිබඳව ජනතාවගේ විශ්වාස බරපතල ලෙස බිඳවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, ඝාතන, මත්ද්‍රව්‍ය වෙළඳාම් විශාල ලෙස වර්ධනය වී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

ජනදුක විමසන ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවයේ 51 වැනි පියවර තිස්සමහාරාම විජිතපුර ප්‍රදේශයේදී පැවති අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කර සිටියා.

මෙම ජංගම සේවයේදී ගැටලුවක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමතිවරයා ලෙස නොමිලේ ලබාදුන් නිවාසය සඳහා වත්මන් රජය විසින් මුදල් අයකර ගැනීමට සූදානම් වන බවයි. වසර 30 ක් පුරා රුපියල් 4500 බැගින් වාරික ගෙවීමට සිදුව ඇති බවත්, නිවසසේ යතුර ලබා ගැනීමටද රුපියල් 5000 ක මුදගක් ගෙවීමට සිදුව ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමා කිසිදු මුදලක් අය නොකර ජනතාවට නිවාස ලබාදුන් බවයි.

වඩා හොඳ සේවයක් ලබා ගැනීම සඳහා රටේ බහුතර ජනතාව වත්මන් පාලකයන් බලයට ගෙන ඒමට තීරණය කළ අතර රටේ ජනතාව අද එම සේවය ලබා ගනිමින් සිටින බව බව විපක්ෂනායකවරයා පවසනවා.

අදාල නිවාස ගැටලුව සම්බන්ධයෙන් තමා මැදිහත් වන බවත් සාධාරණය ඉටු කරන බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here