Home Hit ජනාධිපතිවරයාට දේශපාලන පළිගැනීම් වාර්තාව ගැන තියෙන උනන්දුව පාස්කු වාර්තාව ගැන නෑ

ජනාධිපතිවරයාට දේශපාලන පළිගැනීම් වාර්තාව ගැන තියෙන උනන්දුව පාස්කු වාර්තාව ගැන නෑ

312

දේශපාලන පළිගැනීම් පිළිබඳව පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව වෙනුවෙන් ජනාධිපතිවරයා ක්‍රියාත්මක වූ ඉක්මන පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් නොමැති බව පෙනෙන්නට ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වටුමුල්ලේ උදිත හිමියන් පවසනවා.

වාර්තාව නැවත විමසා බැලීමට නුසුදුසු පුද්ගලයන්ගෙන් යුතු අනුකමිටු පත් කරමින් සිදු කරන්නේ කල්වැරීමක් බවට වැටහෙන බවයි උන්වහන්සේ පවසන්නේ.

ප්‍රහාරයට සම්බන්ධ සියළුම පාර්ශවයන් හෙළිදරව් කළ යුතු බවත් ජනතාවගේ ජීවිත මතින් බලයට ඒමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් නැගෙන චෝදනා වලට පිළිතුරු ලබාදිය යුතු බවත්.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු වන තෙක් කතෝලික ජනතාව සමඟ එක්ව සිටින බවත් උන්වහන්සේ අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here