Home Hit තරුණියකගේ ගෙල සිඳ දැමූ ප්‍රේමසිරිගේ දේහයට පොලිස් ගෞරව නෑ – පොලිසිය

තරුණියකගේ ගෙල සිඳ දැමූ ප්‍රේමසිරිගේ දේහයට පොලිස් ගෞරව නෑ – පොලිසිය

437

තරුණියක මරාදමා ගෙල වෙන් කර කවන්ධ සිරුර බෑගයක දමා අතැර ගොස් පසුව සියදිවිනසාගත් බවට පැවසෙන බුත්තල උපපොලිස් පරීක්ෂක ප්‍රේමසිරි පොලිස් දෙපාර්තමේන්තුවට සිදුකළ අපකීර්තිය හේතු කොට ඔහුගේ දේහයට පොලිස් ගෞරව ලබා නොදීමට තීරණය කර ඇති බව නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහුගේ නිල ඇඳුම ඇන්දවීම ද සිදු නොකරන බව ද පැවසිණි. යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටිය දී මියගිය පසු හෝ සිය දිවිනසා ගැනීමක් සිදුකරගතහොත් එවැනි නිලධාරියකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇන්දවීමක් හෝ සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here