Home Hit සාධාරණය ඉටු වන තුරු ජනතාව පෙළ ගස්වනවා..! – අගරදගුරු හිමිපාණන් (VIDEO)

සාධාරණය ඉටු වන තුරු ජනතාව පෙළ ගස්වනවා..! – අගරදගුරු හිමිපාණන් (VIDEO)

436

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේ මහමොළකරුවන් පාස්කු කොමිසමේ වාර්තාව හරහා එළිවෙතැයි සිතා සිටි නමුත් එය කොතරම් දුරට සිදු වී ඇත්දැයි යන්න පිළිබඳව සැකයක් ඇති බවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ අද (07) දින ‘කළු ඉරිදා විරෝධයට’ සහභාගී වෙමින්.

කොමිසමේ වාර්තාව අසම්පූර්ණ බවත් මෙම ප්‍රහාරයේ සැබෑ කතෘවරුන් කවුරුන්ද යන්න ඉදිරියේදී හෙළි කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කර සිටිනවා.

බෝම්බ ප්‍රහාරය සිදු කළ අය, ඒ වෙනුවෙන් මුදල් ලබා දුන් අය, ඊට සහය දුන් දේශපාලන බලවේග මොනවාද, ඊට ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධද යන කරුණු පිළිබඳව හෙළිදරව් කිරීමට මීට වඩා අවංක උත්සහයක් රජය විසින් දරනු ඇතැයි ජනතාව බලාපොරොත්තුවෙන් සිටින බවයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසන්නේ.

එම කාර්‍ය සිදුවන තුරු මෙම විරෝධතාවය දිගින් දිගටම සිදු කරන බවත් උන්වහන්සේ පවසනවා.

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කතෝලික ජනතාව අද දිනය “කලු ඉරිදා” ලෙස නම් කරමින් විරෝධතාවයක යෙදීම සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here