Home Hit එදා රාජපක්ෂ ආණ්ඩුවක් තිබුණා නං අද කළු ඉරිදාවක් ඕනෙ නෑ

එදා රාජපක්ෂ ආණ්ඩුවක් තිබුණා නං අද කළු ඉරිදාවක් ඕනෙ නෑ

550

එදා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුක්ත රජයක් තිබුණේ නම් අද දිනයේදී කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම අවශ්‍ය නොවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

කළු ඉරිදාවක් බිහි වූයේ වත්මන් රජය නිසා බවට ඇතැම් දේශපාලන පක්ෂ ඒත්තු ගැන්වීමට කටයුතු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඔහු සඳහන් කර සිටින්නේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ එදා සිටි පාලකයන් අද වත්මන් ආණ්ඩුවට එරෙහිව කළු ඉරිදා විරෝධයට එක්ව සිටින බවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට නීති ක්‍රියාත්මක කිරීමට දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා කොළඹ රදගුරු සම්මේලනය විසින් අද (07) කළු ඉරිදා දිනය ලෙස නම්කර තිබෙනවා. අද දිනයේදී සියලු කිතුනු බැතිමතුන් කලු ඇඳුමින් සැරසී දේවස්ථානවලට පැමිණිය යුතු බවයි දැනුම් දී තිබෙන්නේ.

රදගුරු සම්මේලනයේ මෙම විරෝධතාවය සඳහා දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක සහයෝගය පළවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here