Home Hit කතෝලික ජනතාවගේ නිහඬකම නිවටකමක් කියලා හිතන්න එපා

කතෝලික ජනතාවගේ නිහඬකම නිවටකමක් කියලා හිතන්න එපා

395

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකරන්නැයි බලකරමින් අද (07) දිවයින පුරා දේවස්ථානවලට කළු ඇඳුමින් සැරසී කතෝලික ජනතාව දේව මෙහෙයෙන් අනතුරුව නිහඬ විරෝධතාවයක යෙදෙන ලදි.

මෙම කරුණ සම්බන්ධයෙන් තම ජනතාවගේ නිහඬකම නිවටකමක් ලෙස නොසිතන්නැයි එම විරෝධයට සහභාගී වූ පුද්ගලයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලදි.

පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරය පිළිබඳව සාධාරණයක් වන තෙක් බලා සිටි නමුත් එහි මහමොළකරුවන් තවමත් නිදැල්ලේ සිටින බවයි ඔහු පවසන්නේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් විධිමත්ව යුක්තිය ඉටුවීමක් සිදුව නොමැති බැවින් අද කළු ඉරිදාවක් ලෙස නම් කිරීමට කතෝලික අගරදගුරු පදවිය තීරණය කර තිබුණි.

ඒ අනුව, අද දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයට සහභාගී වන ජනතාවට කළු ඇඳුමින් සැරසී සහභාගී වන ලෙසත් දේව මෙහෙය අවසානයේ දේවස්ථානයෙන් පිටතට පැමිණ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නිහඬ විරෝධතාවයක් දක්වන ලෙසත් අගරදගුරු පදවිය සියලු කතෝලික දේවස්ථානවලට දැනුම් දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here