Home Coronavirus 2020 සති 7ක් වයසැති බිළිඳියක් කොවිඩ් ආසාදිතව මියයයි

සති 7ක් වයසැති බිළිඳියක් කොවිඩ් ආසාදිතව මියයයි

336

රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සති 7ක බිළිඳියක් කොරෝනා ආසාදනයවීමෙන් පැවැති රෝගී තත්ත්වය උත්සන්න වී මීට දින දෙකකට පෙර මියගොස් තිබේ.

එලෙස කොරෝනා ආසාදිතව මියගොස් තිබුණේ වැලිමඩ ප්‍රදේශයේ බිළිඳියකි.

රෝගී තත්ත්වයක් මත එම බිළිඳිය ප්‍රථමයෙන් වැලිමඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර එහිදී කළ පරීක්ෂාවලින් දරුවාගේ වම් පෙනහළුවේ රෝගී තත්ත්වයක් හඳුනාගෙන තිබේ.

පසුව, වැලිමඩ රෝහලින් බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇති අතර එම රෝහලේදී කරන ලද පරීක්ෂාවෙන් බිළිඳියගේ හෘදය වස්තුවේ ජලය පිරී ඇති බවට හඳුනාගෙන තිබුණි.

බිළිඳියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් එහිදී තහවුරු වී ඇත.

බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට හැකියාවක් නොතිබුණු බවත් කොරෝනා වෛරසය ආසාදනය නොවී තිබුණා නම් බිළිඳියගේ ජීවිතය බේරාගැනීමට ඉඩ තිබුණු බවත් ජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here