Home Hit ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානම්

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අවදානම්

178
0

මධ්‍යම, සබරගමුව, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අදාළ ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි ද ඇතිවිය හැකි බවයි එමගින් නිවේදනය කළේ.

ඒ අකුණු අනතුරු අවම කර ගැනිම පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට ජනතාවට දැනුම්දෙනවා.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුල රැඳී සිටිය යුතුයි.

කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘථ ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතු අතර බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින ලෙසට ද ජනතාවට උපදෙස් දෙනවා.

තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය ලබාගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here