අල්ලස් ගෙන කොවිෂීල්ඩ් එන්නත ලබාදිය හැකි බවට මුදල් එක් රැස්කල කොළඹ මහ නගර සභාවට අනුයුක්ත 40 හැවිරිදි කාර්යාල කාර්ය සහයකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් මරදානේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් 1000 ක මුදලකට එන්නත ලබාදිය හැකි බවට සැකකරු විසින් ප්‍රකාශ කර තිබූ බවයි පොලිසිය සඳහන් කලේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ඩීන්ස් පාරේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත කාර්යාල කාර්ය සහායකයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් 20,000 ක මුදලක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.