Home Hit ලංකා රජයේ බටහිර පර්යන්ත ව්‍යා‌පෘතියට සම්බන්ධ ප්‍රකාශය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්

ලංකා රජයේ බටහිර පර්යන්ත ව්‍යා‌පෘතියට සම්බන්ධ ප්‍රකාශය ගැන ඉන්දීය රජයෙන් අනාවරණයක්

521

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය, ඉන්දියාවේ අදානි සමාගම සමඟ ඍජුව සම්බන්ධ වී ඇති බව ඉන්දීය රජය පවසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක අනුරාග් ශ්‍රිවාස්තව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා තිබෙනවා.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරය ඉදිරිපත් කර ඇති යෝජනාව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය තහවුරු කළ බවට ශ්‍රී ලංකාව කළ ප්‍රකාශය නිවැරදි නොවන බව මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here