Home Coronavirus 2020 ඊයේ කොරෝනා මරණ 9ක් භූමදානය කරයි – අද තවත් කොරෝනා මරණ 9ක්...

ඊයේ කොරෝනා මරණ 9ක් භූමදානය කරයි – අද තවත් කොරෝනා මරණ 9ක් භූමදානයට පියවර

331

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී ඊයේ (05) මෘතදේහ 9ක් භූමදානය කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් පවසනවා.

එමෙන්ම අද දිනයේදීත් කොළඹ සිට තවත් මෘතදේහ 9ක් භූමදාන කටයුතු සඳහා රැගෙන ඒමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා. එසේම, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් ප්‍රකාශ කළේ තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළද තෝරා ගත් ස්ථානයක කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා හැකියාව පවතින බවයි.

මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක තුළම විරෝධය පළ කළා. කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් අනිද්දාට පෙර ලබාදිය හැකි බවයි.

ඉරණතිව් දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැවින් කොරෝනා මෘතදේහ මිහිදන් කිරීම සඳහා වෙනත් ස්ථානයක් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

එමෙන්ම ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යනවා.

No photo description available.

මේ අතර ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 350 ක් වාර්තා වූ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

විදෙස් රටවලින් පැමිණි 12 දෙනෙකුද ඊයේ කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තාවූ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,960 ක්.

කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321 ක් බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here