Home Hit ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කරනවා..!

ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කරනවා..!

283

අද රටේ ජනතාවට භාෂණයේ නිදහස, සිතීමේ නිදහස, ආණ්ඩුවට එරෙහි මතවාදය වෙනුවෙන් ඒකරාශීවීමේ නිදහස සීමා වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ (04) කොළඹදී පැවති ‘විපක්ෂය දඬුකඳේ ගසන ආණ්ඩුවේ කුරුමානමට එරෙහි’ සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කරන ලදි.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රට තුළ පියවරෙන් පියවර ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය නිර්මාණය වෙමින් තිබෙන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් කොරෝනා වසංගතය, පාස්කු පරීක්ෂණය, ජාත්‍යන්තර සබඳතා, ආර්ථිකය ඇතුළු සියලු අංශවලින් අසමත් වී ඇති බවත්, සිය අසමත් බව වසා ගැනීමට ආණ්ඩුවට තිබෙන එකම විකල්පය විපක්ෂ දේශපාලනඥයන්ගේ සහ ආණ්ඩුව විවේචනය කරන ජනතාවගේ ‘කටවල් වසා තැබීම’ බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම තත්වය හමුවේ ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව සියලු දේශපාලන පක්ෂ, රටේ සියලු ජනතාව එක්ව සටන් කළයුතු බවත්, ඒ සඳහා කොන්දේසි විරහිතව සහාය ලබාදීමට පමණක් නොව ඊට නායකත්වය දීමටද සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායකයා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here