Home Hit වසන්ත කරන්නාගොඩගේ රිට් පෙත්සම් විභාගය කල් යයි

වසන්ත කරන්නාගොඩගේ රිට් පෙත්සම් විභාගය කල් යයි

291

තරුණයන් 11දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පැවැත්වෙන නඩුව විභාගයට ගැනීම අත්හිටුවන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ඊයේ (04) දින අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණි.

ඒ අනුව, එම කරුණු දැක්වීම සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල එම රිට් පෙත්සමේ වැඩිදුර විභාගය මැයි 17 වැනිදා කැඳවීමට නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here