Home Coronavirus 2020 COVAX පහසුකම යටතේ පළමු එන්නත් තොගය ඉරිදා දිවයිනට

COVAX පහසුකම යටතේ පළමු එන්නත් තොගය ඉරිදා දිවයිනට

235

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 14 ලක්ෂ 40 දහස අතුරින් පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 264,000 ලබන ඉරිදා දිනයේදී දිවයිනට ලැබීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යංශයට එය භාරදීමට නියමිත බවයි නිවේදනයක් නිකුත් කරමින් යුනිසෙෆ් සංවිධානයේ කොළඹ කාර්යාලය සඳහන් කලේ.

මෙරට සමස්ත ජනගහණයෙන් සියයට 20 කට ලබාදීම සඳහායි කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා තොගයක් හිමිවීමට නියමිතව ඇත්තේ.

ඒ අනුව පළමුවෙන් ලැබෙන එන්නත් මාත්‍රා තොගය වයස අවුරුදු 60 ට වැඩි වඩාත් අවධානම් සහගත ප්‍රදේශවල සිටින ජනතාව සඳහා එන්නත් කෙරෙනු ඇති.

මෙම වසර තුළදී කොවැක්ස් පහසුකම යටතේ ලොව පුරා බෙදා හැරීමට නියමිත සමස්ත එන්නත් මාත්‍රා ප්‍රමාණය බිලියන 02 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here