Home Hit ජනපති හෙට ගිරිබාවට

ජනපති හෙට ගිරිබාවට

412

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඊට පිළියම් යෙදීම සඳහා ආරම්භ කළ ජනපති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේ 13 වැනි පියවර හෙට (06) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වේරගල ගම්මානයේදී පැවැත්වේ.

හෙට පෙරවරු 10 ට මෙම වැඩසටහන ආරම්භ වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වැනිදා බදුල්ලෙන් ආරම්භ වූ මෙම වැඩසටහන මාතලේ, රත්නපුර, අනුරාධපුර, අම්පාර, පොළොන්නරුව, කළුතර, කෑගල්ල, මහනුවර, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලදී පවත්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here