Home Coronavirus 2020 භූමදානයට වෙන තැනක් දෙන බවට ජනපතිගෙන් ඩග්ලස්ට පොරොන්දුවක්

භූමදානයට වෙන තැනක් දෙන බවට ජනපතිගෙන් ඩග්ලස්ට පොරොන්දුවක්

302

ඉරණතිව් දූපත වෙනුවට Covid 19 ආසාදිතයින් ගේ සිරුරු භූමදානය වෙනත් තැනක් යොදා ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බව ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

මාර්තු 3 දිනැති එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මේ පිළිබඳ කළ පැහැදිළි කිරීමකට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උනන්දුවෙන් සවන් දුන් බවය.

ඉරණතිව්හි වූයේ මුහුදු කූඩැල්ලන් අපනයනය ගම්මානයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25කට අධික මුදලක් ආධාර ලෙස ලබා ගැනීමට නියමිත බවත් භුමදානය සඳහා දූපත යොදාගැනීමෙන් එම ව්‍යාපෘති අඩාල වනු ඇති බවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙත ධීවර අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ සඳහන්ය.

සුළුතර ජනතාවගේ හැඟීම් වලට හානි නොවන ආකාරයට අවසන් තීන්දුවක් රජය ගනු ඇතැයි ධීවර අමාත්‍යවරයා විශ්වාසය පළ කළ බවද එම නිවේදනයේ සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here