Home Hit පඬුකරඳ ගහ ආරක්ෂා කරොත් අධිවේගයට බිලියන 08 ක් වැඩිපුර වියදම් වෙනවා

පඬුකරඳ ගහ ආරක්ෂා කරොත් අධිවේගයට බිලියන 08 ක් වැඩිපුර වියදම් වෙනවා

517

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී මතභේදයට තුඩු දී ඇති දාරළුවේ පඬුකරඳ ශාඛය ආරක්ෂා කිරීමට නම් ඉතා විශාල මහජන මුදලක් වැය කිරීමට සිදුවන බව ග්‍ර‍ාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

එම ශාඛය දැනට තිබෙන ස්ථානයේම තිබියදී අධිවේගී මාර්ගය ඉදි කරන්නේ නම් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති මුදලට අමතරව තවත් බිලියන 08 ක් වැය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දෙනවා.

මේ නිසා මෙම ශාඛය ආරක්ෂා කර ගනිමින් අධිවේගී මාර්ගය ඉදි කරන්නේද එසේ නැතහොත් සැළසුම් කර ඇති පරිදි කටයුතු කරන්නේද යන්න පිළිබඳව ජනතාව විසින් තීන්දු කළයුතු බවයි අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම ගස ආරක්ෂා කළයුතු බවට පරිසරවේදීන් ඇතුළු විවිධ පාර්ශ්ව දැඩි සමාජ මතයක් නිර්මාණය කර ඇති බවත්‍, ඒ අනුව මෙම ශාඛය අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සඳහා දැඩි බාධාවක් වී ඇති බවත් ලන්සා මහතා පවසනවා. මෙම ශාඛය ගලවා වෙනත් ස්ථානයක සංරක්ෂණය කිරීමට යෝජනා වී ඇති නමුත් එවැනි කටයුත්තක් සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි ඔහු පවසන්නේ.

මෙම ශාඛය එසේ තිබියදී මාර්ගය ඉදිකිරීමේ සැළසුම වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරමින් සිටින බවත්, කෙසේ නමුත් තවමත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් ඇමතිවරයා පවසනවා. මේ සඳහා වැය වන්නේ ජනතාව සතු මුදල් බැවින් බිලියන 08 ක් වැය කර මෙම ශාඛය ආරක්ෂා කර ගන්නේද යන්න ජනතාව විසින්ම තීරණය කළයුතු බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here