Home Hit කළු ඉරිදා විරෝධයට සමගි ජන බලවේගයේ පූර්ණ සහාය

කළු ඉරිදා විරෝධයට සමගි ජන බලවේගයේ පූර්ණ සහාය

374

පාස්කු ප්‍රහාරයේ වින්දිත පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවේ යැයි අපේක්ෂාවෙන් පත් කළ කොමිසමේ නිර්දේශ තුළ එකී අපේක්ෂා ඉටුකිරීමට අපොහොසත් වීම ඛේදවාචකයක් බව සමගි ජන බලවේගය පවසනවා. එප පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුල සිටම දුන් බලාපොරොත්තු කඩවී ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින කාදිනල්වරයා පවා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විශ්වාස නොකරන තත්වයට පත්ව ඇති බවත් ලේකම්වරයා පවසනවා.

ආණ්ඩුවේ වගකිම් ඉටු නොකරන විට බලපැම් කරනුවස් එතුමා ක්‍රියාවට නංවන කළු ඉරිදා විරෝධයට සමගි ජන බල‍වේගයේ පූර්ණ සහාය ලබාදෙන බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

බලය ලබාගැනීමට පමණක් පාරුවක් කරනොගෙන පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මහමොලකරුවන් හෙලිදරව් කිරිමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බව සමගි ජන බලවේගය අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here