Home Hit 20 වැනි සංශෝධනය නිසා අනාගත පරපුර අපේ මිනීවලටත් හෙන ඉල්ලයි

20 වැනි සංශෝධනය නිසා අනාගත පරපුර අපේ මිනීවලටත් හෙන ඉල්ලයි

519

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අනාගත දරු පරපුර සාප කරන්නේ පාලකයන්ට නොව 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට ඉඩ දුන් අපට බව නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා.

මෙවැනි විනාශකාරී ක්‍රියාදාමයක් හරහා හෙන ගැසූ සමාජයක් උරුම කිරීම සම්බන්ධයෙන් අනාගත පරම්පරාව අපට හෙන ඉල්ලනු ඇති බව නීතිඥවරයා පවසනවා.

20 වැනි සංශෝධනයේ භයානකකම, ඉහළ අධිකරණවල නඩුවලට පෙනී සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් පවා නිවැරදිව අවබෝධ කර නොගැනීම රටේම අවාසනාවක් බවද ශ්‍රීනාත් පෙරේරා මහතා පවසනවා.

යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන සමාජ ක්‍රමයක් අහෝසි කර දැමූවිට ඉන් එහාර රිවස් ගියර් නොමැති බවත්, 20 වැනි සංශෝධනය හරහා එවැනි අවාසනාවන්ත තත්වයක් උදා වී ඇති බවත් ශ්‍රීනාත් පෙරේරා මහතා අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here