Home Hit නඩු පවරන්න පාස්කු වාර්තාව ඕනෙ නෑ

නඩු පවරන්න පාස්කු වාර්තාව ඕනෙ නෑ

323

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉතා කඩිනමින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඒ, පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

චෝදනා ගොනු කිරීමේදී පාස්කු‍ කොමිසමේ වාර්තාව ආශ්‍රය කර ගන්නා නමුත් එම වාර්තාව අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් නොවනු ඇති බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඇතැම් කාරණා සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා පාස්කු කොමිසමේ වාර්තාව පදනම් කරගත හැකි බවත් ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් තවමත් එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවත් වීරසේකර මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු කණ්ඩායමේ දැනට ජීවත්ව සිටින එකම සාමාජිකාව යැයි අනුමාන කරන සාරා නමැති කාන්තාව ඉන්දියාවට පැනගොස් ඇති බවට තහවුරු කරගත් සාක්ෂි නොමැති බවද අමාත්‍යවරයා පවසනවා. ඇය ඉන්දියාවට පළා ගියේද එසේ නැතහොත් සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීමෙන් මියගියේද යන්න තහවුරු කරගත යුතු බවත් ඒ සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන බවත් ඔහු පවසනවා. එම ප්‍රහාරයෙන් මියගිය කාන්තාවන්ගේ මළසිරුරු නැවත ගොඩගෙන පරීක්ෂණ සඳහා භාවිතා කරන බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

සාරා ඉන්දියාවට පළාගිය බවට ප්‍රචාරයක් යවා වෙනත් තැනක රහසිගතව සැඟවී සිටීමේ හැකියාවක්ද තිබෙන බව වීරසේකර මහතා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here