Home Hit ස්මාර්ට් දුම්රිය ප්‍රවේශපත් චීනයට දෙන්න කැබිනට් අනුමැතිය ලැබුනා – දුම්රිය සාමාන්‍යධිකාරි

ස්මාර්ට් දුම්රිය ප්‍රවේශපත් චීනයට දෙන්න කැබිනට් අනුමැතිය ලැබුනා – දුම්රිය සාමාන්‍යධිකාරි

728

ස්මාර්ට් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතිය චීන සමාගමකට ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය පවා හිමිවී තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඩී. ප්‍රනාන්දු මහතා ‘අනිද්දා’ පුවත්පතට පවසා ඇත.

අදාළ ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර මට්ටමින් ලංසු කැඳවීමේදී චීන සමාගම පිළිබඳ තාක්ෂණික කමිටුව විශේෂ සැලකිල්ලක් දක්වා ඇද්දැයි කළ විමසීමකට පිළිතුරු දෙමින් ප්‍රනාන්දු මහතා මේ බව පවසා ඇත.

ස්මාර්ට් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර පවත්වාගෙන යාමේ ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 22ක පමණ ව්‍යාපෘතියකි.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here