Home Hit සාංඝික කරපු ගහ නිසා අධිවේගී මාර්ගය හදන්න ලක්ෂ 20,000ක් වැඩිවෙලා –...

සාංඝික කරපු ගහ නිසා අධිවේගී මාර්ගය හදන්න ලක්ෂ 20,000ක් වැඩිවෙලා – ඇමති ජොන්ස්ටන්

814

කොළඹ – කුරුණෑගල අධිවේගී මාර්ගය ඉදි කිරීමේදී වඳවී ගොස් ඇති බවට සලකමින් රතු දත්ත පොතට ඇතුලත්ව තිබී වසර 800කට පමණ පසුව හමු වූ ශ්‍රී ලංකාවට ආවේනික ‘කෲඩියා සෙලනිකා’ ගස පිළිබඳව විවිධ කතා බහ සමාජයේ ඇතිව තිබුනා.

අධිවේගයට එම ගස බිලිවීම වලක්වා ගැනීම සඳහා මහා සංඝරත්නය විසින් එම ශාකය සාංඝික කිරීමට කටයුතු කරනු ලැබුවේ. එම ශාකයේ වටිනාකම හේතුවෙනුයි.

ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති රැස්වීමකදී මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් දක්වා සිටියා.

ඔහු කියා සිටියේ සාංඝික කළ එම ශාකය මඟහරිමින් අධිවේගී මාර්ගය ඉදිකිරිම සඳහා අමතර ලක්ෂ 87,000ක් වැය වන බවට මේ වනවිට ඇස්තමේන්තු ලැබී ඇති බවයි.

කිලෝමීටර් 62ක ප්‍රමාණයක් සෑදීම සඳහා වය වන මුදල ලක්ෂ 67,000ක් වුවත් මෙම ගස පමණක් මඟ හැර යාම හේතුවෙන් ඒ සඳහා ලක්ෂ 87,000 මුදලක් වැය වන බවට අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here