Home Hit බෝවන රෝග වෙනුවෙන් අලුතින් රෝහල් 05 ක්

බෝවන රෝග වෙනුවෙන් අලුතින් රෝහල් 05 ක්

230

බෝවන රෝග සඳහා නේවාසික ප්‍රතිකාර ලබාදිය හැකි රෝහල් 05 ක් අලුතින් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාල රෝහල් ඉදිකරන ප්‍රදේශ මේ වනවිට හඳුනාගෙන තිබේ.

හම්බන්තොට, කි‍ලිනොච්චිය, ඉරණවිල, අම්පාර, මහනුවර යන ප්‍රදේශවල අදාල ‍රෝහල් 05 ඉදිකිරීමට නියමිත බවයි කොවිඩ් 19 ශ්‍රී ලංකා ක්ෂණික ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරිමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන්නේ.

බෝවන රෝගවලට ගොදුරු වන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට දැනට තිබෙන්නේ කොළඹ IDH රෝහල පමණි. එම රෝහල තුළද දුරස්ථ ප්‍රතිකාර ඒකකයක් අලුතින් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here