Home Hit වැලිගම මිදිගම ප්‍රදේශය හෙරොයින් බෙදාහරින කේන්ද්‍රස්ථානයක් වෙලා

වැලිගම මිදිගම ප්‍රදේශය හෙරොයින් බෙදාහරින කේන්ද්‍රස්ථානයක් වෙලා

326

වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇති බවට හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටිනවා.

ඒ, අද(04) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදීයි.

එහිදී ඔහු අනවරණය කර සිටියේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇති බවයි.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම ප්‍රදේශයේදී ඊයේ (03) දිනයේත් හෙරොයින් ග්‍රෑම් 145ක් සමග 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, නාවික හමුදාව විසින් තලේමන්නාරම ප්‍රදේශයේදී අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 21ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here