Home Hit කැලෑ එළිකරමින් සිදුකෙරෙන ක්‍රියාදාමයත් එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක්

කැලෑ එළිකරමින් සිදුකෙරෙන ක්‍රියාදාමයත් එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක්

241

ඉවක් බවක් නොමැතිව මෙරට කැලෑ එළිකරමින් සිදුකෙරෙන ක්‍රියාදාමයත් එක්තරා ආකාරයක ත්‍රස්තවාදයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ පැවති සමගි ජන බලවේගය ශ්‍රී ලංකාවේ හරිත පක්ෂය ලෙස ජනගත කිරීමේ අවස්ථාව අමතමිනි.

“රට තුළ සිදුවන වන අලි – මිනිස් ගැටුම අද ඛේදවාචකයක්. සීමා මායිම් නැතුව කැලෑ එළිකරමින් වන සංහාරයක් ක්‍රියාත්මක වීම ඇත්ත වශයෙන්ම අප දකින්නේ එක්‍තරා ආකාරයක ත්‍රස්තවාදයක් හැටියට. වන සංහාරය, වනය විනාශ කරන ඒ ත්‍රස්තවාදයත් අපි මුලිනුපුටා දමන්නට ඕන. ඒ ගමන යන්නට අපට හැකියාව තිබෙනවා.

මේ සියල්ලක්ම මැද්දේ රට තුළ ක්‍රියාත්මක වෙනවා මහා පරිමාණයේ ඉඩම් මංකොල්ලයක්. විශේෂයෙන්ම ජෛව විවිධත්ව උණුසුම් ස්ථානවල සිංහරාජය හෝ වේවා, හෝර්ටන් තැන්න හෝ වේවා, සෝමාවතිය හෝ වේවා, විල්පත්තුව හෝ වේවා, ඒ වගේම දහයියාගල හෝ වේවා මේ ක්‍රියාදාමය නතර කරන්න අපි පෙරට එන්නට ඕනේ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here