Home Hit කොමිසම ඡන්ද ඇප මුදල් සංශෝධනයට සැරසෙයි

කොමිසම ඡන්ද ඇප මුදල් සංශෝධනයට සැරසෙයි

205

ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මහමැතිවරණ, සහ පළාත් සභා ඡන්ද විමසීම සදහා දැනට පවත්නා ඇප තැන්පත් කරන මුදල් ප්‍රමාණය සංශෝධනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනිම සදහා ඉදිරිපත් කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසන්නේ.

2019 වසර සදහා විගණන වාර්තා ඉදිරිපත් නොකළ පිළිගත් දේශපාලන පක්ෂ පිළිබද පරීක්ෂා කර එම පක්ෂවල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here