Home Hit ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහය පැය 24ක් තුළ භූමදානය කළ යුතුයි

ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහය පැය 24ක් තුළ භූමදානය කළ යුතුයි

279

ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවත් ඒ සදහා දේහය ගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බව තම ආගමික විශ්වාසය වන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසා සිටිනවා

ඒ, විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ මුස්ලිම් ජනතාවගේ සිත් තුළ කොතරම් අසහනයක් පසුගිය වසර පුරාවට තිබුණේ දැයි බලධාරින් සිතා බැලිය යුතු බවයි.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉමිටියාස් මහතා පවසා සිටියේ පකිස්ථාන අගමැතිවරයා මෙරටට පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන් නමුත් ‍රජය විසින් නැවතත් විවිධ හේතුන් පවසමින් එම තීන්දුව පසුපසට දැමීමට උත්සහයක නිරත වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here