Home Environment කොළඹ හුස්ම ගන්න ඔක්සිජන් හිඟ වීමේ අවදානමක් !

කොළඹ හුස්ම ගන්න ඔක්සිජන් හිඟ වීමේ අවදානමක් !

842

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසාය.

මේ අතර, කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයට ගැලපෙන රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

කොළඹ මහ නගර සභාව ආරම්භ කර තිබෙන ‘කොළඹට ගසක් ඉතුරු කර ගනිමු’ වැඩපිලිවෙල සහ පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘හුස්ම දෙන තුරු’ රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධ කරමින් ඉඩ කඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here