Home Hit දරුවන් සමඟ ළිඳට පැන්න මව දිවි බේරාගනී – දරුවන් තිදෙනා මරුට

දරුවන් සමඟ ළිඳට පැන්න මව දිවි බේරාගනී – දරුවන් තිදෙනා මරුට

459

කිලිනොච්චිය,වට්ටකච්චි ප්‍රදේශයේදී දරුවන් ළිඳට දමා දිවි නසා ගැනීමට ළිඳට පැන්න මව බේරී , දරුවන් තිදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ අදාළ සිදුවීමෙන් කිරුබාකරන් කීර්තිකා නමැති වයස අවුරුදු අටක දැරියක්, කිරුබාකරන් අක්ෂයා නමැති වයස අවුරුදු පහක දැරියක් හා කිරුබාකරන් ඩෙනෝෂන් නමැති වයස අවුරුදු දෙකක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

පවුල් ආරවුලක් මුලික කර ගනිමින් අදාළ දරුවන්ගේ මව දරුවන් ළිඳට දමා තමාද සියදිවි හානි කර ගැනීමට ළිඳට පැන ඇති බවට තොරතුරු පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

එහෙත් ළිඳට පැන්න මව ළිඳ තුළ පැවති කිසියම් ආධාරකයක එල්ලි දිවි බේරාගෙන ඇති අතර, දරුවන් තිදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

යුධ හමුදා නිළධාරීන්,නාවික හමුදා නිළධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවන්ගේ සිරුරු සොයාගෙන තිබුණා.

ළිඳ තුළින් ගොඩගත් දරුවන්ගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහලට යොමුකොට ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here