Home Hit ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි (PHOTOS)

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී අගමැති හමු වෙයි (PHOTOS)

289

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදියි.

එහිදී ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය පළ කරන බව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවක් පවතින අතර, එය ත්‍රස්තවාදයට එරෙහිවීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී පවතිනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ගුවන් යානා සංදර්ශනය අද සහ හෙටත් පස්වරු පහේ සිට හය දක්වා කොළඹ ගාලු මුවදොර අහසේ පැවැත්වෙනවා.

May be an image of 2 people and people standing
May be an image of 2 people and people standing
May be an image of 3 people and people standing

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here