Home Coronavirus 2020 චීනයේ ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදන ජාලයක් (PHOTOS)

චීනයේ ව්‍යාජ කොරෝනා එන්නත් නිෂ්පාදන ජාලයක් (PHOTOS)

397

චීනයේ සහ දකුණු අප්‍රිකාවේ පොලීසිය විසින් ව්‍යාජ කොවිඩ් -19 එන්නත් මාත්‍රා දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති අතර එවැනි අත්අඩංගුවට ගැනීම් දුසිම් ගණනක් කර ඇති බව ඉන්ටර්පෝල් පවසයි.

චීනයේ ව්‍යාජ එන්නත නිපදවූ බවට වාර්තා වූ කර්මාන්ත ශාලාවකදී පොලීසිය විසින් පුද්ගලයින් 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී අවම වශයෙන් මාත්‍රාවන් 3,000ක් පමණ සොයාගෙන ඇති බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

Fake vaccines seized in South Africa
Boxes in a warehouse in Germiston, South Africa

එමෙන්ම දකුණු අප්‍රිකාවේ ගෞටෙන්ග් හි (Gauteng) ගබඩාවක චීන ජාතිකයන් තිදෙනෙකු සහ සැම්බියානු ජාතිකයෙකු රඳවා ගෙන තිබු මාත්‍රා 2,400ක් අඩංගු ඇම්පියුල සොයා ගන්නා ලදී.

Boxes in a warehouse in Germiston, South Africa

දකුණු අප්‍රිකාවේ මෙම සොයා ගැනීම දෙසැම්බර් මස අගදී එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

ඊයේ දිනයේ කළ ප්‍රකාශයේ දී ඉන්ටර්පෝල් කියා සිටියේ වෙනත් ව්‍යාජ එන්නත් ජාල පිළිබඳ වාර්තා ද මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

සැක සහිත ව්‍යාජ එන්නත් ජාලය පිළිබඳ කරුණු වාර්තා කරමින් ඉන්ටර්පෝල් අවධාරණය කළේ අනුමත එන්නත් කිසිවක් මේවන විට අන්තර්ජාලය හරහා විකිණීමට නොමැති බවයි.

වෙබ් අඩවි හෝ කළු වෙබ් අඩවි වල ප්‍රචාරය කරනු ලබන ඕනෑම එන්නතක් නීත්‍යානුකූල නොවන අතර ඒවා පරීක්ෂාවට ලක් නොකරන ලද සහ භයානක ප්‍රතිඵල ගෙනදෙන ඒවා විය හැකි බවයි.

වසංගතය ජය ගැනීම සඳහා එන්නත් ඉතා වැදගත් මෙවලමක් වන අතර මෑත මාසවලදී වෛද්‍ය බලධාරීන් විසින් වැඩි වැඩියෙන් නිෂ්පාදන අනුමත කිරීමත් සමඟ ලබා ගත හැකි මාත්‍රාවන් මිල දී ගැනීම සඳහා ලොව පුරා තරඟකාරිත්වය දැඩි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here