Home Hit ඇත්ත කියපු මිනිහව හිරේ දාලා කක්කුස්සි හෝදවන ආණ්ඩුවකින් පාස්කු ප්‍රහාරයට යුක්තිය බලාපොරොත්තු...

ඇත්ත කියපු මිනිහව හිරේ දාලා කක්කුස්සි හෝදවන ආණ්ඩුවකින් පාස්කු ප්‍රහාරයට යුක්තිය බලාපොරොත්තු වෙන්න එපා – හරීන්

607

සත්‍ය කතා කරපු මිනිසෙකුගෙන් පිට වූ වචන කිහිපයක් හේතුවෙන් බරපතල වැඩ සහිතව සිරගත කර, වැසිකිලි සේදීමට දමා ඇති රජයකින් පාස්කු ප්‍රහාරයට යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

නමුත්, වත්මන් රජය තමන්ට අවාසි සහගත නඩු ඉවත්කර ගැනීම සඳහා වෙනම ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව ඒ මහතා අවධාරණය කළේය.

එහිදී පිටස්තරයෙන් පත්කළ කොමිසමක් මගින් උසාවියට අභියෝගය වන ලෙස කටයුතු කර ඇති බවද ඔහු මෙහිදී සඳහන් කළේය.

ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් විපක්ෂයක් ලෙස විරෝධය දැක්වීමට කටයුතු කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය

සත්‍ය කතාකළ අහිංසක මිනිසෙකුව සිරගත කර වැසිකිලි සේදීමට දමා ඇති නමුත් මිනීමරුවන්ට සුරසැප දෙන රජයකින් යුක්තිය බලාපොරොත්තු විය නොහැකි බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය

ඔහු දැක්වූ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here