Home Coronavirus 2020 දුම්වැටි, මත්පැන් පානය කරන අයට කොවිඩ් එන්නත අනිවාර්යයි

දුම්වැටි, මත්පැන් පානය කරන අයට කොවිඩ් එන්නත අනිවාර්යයි

402

දුම්පානය කරන හා මත්පැන් පානය කරන අය කොවිඩ් 19 එන්නත ලබා ගැනීමෙන් ප්‍රයෝජනයක් නැති බවට වන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර  ඔවුන් අනිවාර්යයෙන් එන්නත ලබාගත යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ස්නායු විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

එන්නත ලබාගැනීමෙන් පසු පැය 48ක කාලය තුළ දුම් පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකිය යුතු බවයි  ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ.

දුම්පානය කරන හා මත්පැන් පානය කරන අයට රෝගය ආසාදනය වීමේ අවදානම වැඩි හෙයින් ඔවුන් කිසිදු බියකින් තොරව එන්නත ලබා ගැනීම වැදගත් බව පද්මා ගුණරත්න මහත්මිය කියා සිටියි.

එන්නත ලබා ගැනීමෙන් පසු පැය ය 48ක කාලය තුළ උණ, හිසරදය, ඇගපත වේදනාව, බඩ රිදීම වැනි ලක්ෂණ මතුවෙන්න පුළුවන්. එම කාලය තුළ විවේකීව සිටින්න. එම කාලය තුළ මත් පැන් පානය කරන්න එපා. එය අහිතකර ලෙස බලපෑමේ හැකියාවක් තිබෙනවා. ඉන් පසුව වුණත් දීර්ඝ කාලීනව දුම් පානය හා මත් පානයෙන් වැලකි සිටින්න පුළුවන් නම් හොදයි. එය ඔබේ ප්‍රතිශක්තියට කොහොමත් වැදගත්. දීර්ඝ කාලීනව දුම් බොන අයට ශ්වසන රෝග ඇති වීමේ අවදානම තිබෙනවා. කොවිඩ් 19 රෝගයෙනුත් බලපෑම් එල්ල වෙන්නේ ශ්වසන පද්ධතියට. ඒ නිසා තමයි ඒ අය අනිවාර්යයෙන් එන්නත ලබා ගත යුතු වෙන්නේ. එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳුනත් සංකූලතා අවමයි. රෝහල් ගත වීමේ අවශ්‍යතාවයක්, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.”

කෙසේවෙතත් එන්නත ලබා ගත්තත් සෞඛ්‍ය උපදෙස් දිගටම අනුගමනය කළ යුතු වන අතර රෝගය සමාජය තුළ ව්‍යාප්තිය වැඩි වුණොත් නව ප්‍රභේද නැත්නම් වෛරසයේ විකෘති මතු විය හැකි බවද විශේෂඥවෛද්‍යවරිය පෙන්වා දෙයි. 

එය සාමාන්‍ය දෙයක්. වෛරස් වල ප්‍රභේද නිසා තමයි අපි කොවිඩ් 19 වෛරසයත් හඳුනා ගන්තේ. මේ වෙද්දී අමරිඅකව තුළ 30%කින් පමණ නැවත වරක් වෛරසය ව්‍යාප්තිය වැඩි බව දත්ත මඟින් පෙන්නුම් කරනවා. වෛරසය සමාජ ගත වුණොත් එය ඉතා වේගයෙන් පැතිර යනවා. එවිට නව ප්‍රභේද මතු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්ත්වයක්. සමහර ප්‍රභේද එම වෛරසයේ පැවැත්මට වැඩක් නැහැ. එවැනි ප්‍රභේද ඉබේම විනාශ වෙලා යනවා. සමහර ප්‍රභේද වෛරසයේ පැවැත්මට හොඳයි. එමඟින් වෛරසය තවත් ප්‍රබල වෙන්න පුළුවන්. එම නිසා තමයි වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගත යුතු බවට ප්‍රකාශ කරන්නේ. යැයි ඇය වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here