Home Hit පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නාට අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නාට අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

370

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක හිමිවරුන්ට ලබා නොදීම පිළිබඳ එම දෙනිකායේ ලේඛකාධිකාරී හිමිවරුන් කනස්සල්ල පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ පසුගියදා නිකුත්වූ වාර්තාව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් වෙත සහ කාදිනල් හිමිපාණන් වෙත ද භාරදී ඇති බවයි.

එහෙත් මෙරට තුනෙන් දෙකක් වන මහා සංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය දෙකක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන දෙනිකායේ මහ නායක මාහිමිවරුන් වෙත භාරදී නොතිබුණු බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

රජය විසින් මෙම දෙනිකාය නොසලකා හැර ඇති බවට එමගින් හැගීයන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව සහ මධ්‍යස්ථාව ක්‍රියාකළ යුතු බව තම හැගීම වන අතර ඒ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ කණගාටුව පළකරන බව ද අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්වල ලේඛකාධිකාරී හිමිවරුන් සිය නිවේදනය මගින් ප්‍රකාශකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here