Home Hit පාස්කු වාර්තාව පිළිබඳ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

පාස්කු වාර්තාව පිළිබඳ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

259

අප්‍රේල් 21 ප්‍රහාරය සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත්කළ කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

එම කමිටුවේ ලේකම් නීතිඥ හරිගුප්තා සේනාධීර මහතා පවසන්නේ කමිටුව තෙවැනි දිනටත් ඊයේ (03) රැස්වූ බවයි.

ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න එහිදී පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි ඔහු පවසන්නේ.

කමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේදී රැස්වූ මෙම කමිටු රැස්වීමට උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි විය.

ජනාධිපතුමා පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here