Home Coronavirus 2020 කොරෝනා මෘතදේහ භූමදානය කරන මාර්ගෝපදේශ නිකුත් කරයි

කොරෝනා මෘතදේහ භූමදානය කරන මාර්ගෝපදේශ නිකුත් කරයි

254

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ,

  • මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ නොපමාව දැනුම් දිය යුතුයි.
  • එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබා ගත යුතුයි.
  • සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදෙන ලිය කියවිලි මෘත දේහය ඉරණතිවු දූපත දක්වා ගෙන යාමට වලංගු වේ.
  • මෘත දේහය ගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුයි.
  • දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.
  • කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලු‍යම 5.30ට නච්චිකුඩා ජැටිය දක්වා මෘත දේහ ප්‍රවාහනය කරනු ලැබේ.
  • මෘත දේහය හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට පමණක් ඒ සමඟ ඉරණතිවු දූපතට යාමට අවසර හිමිවේ.
  • අදාළ ඥාතීන් නිරෝධායන නීති වලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
  • කිසිදු හේතුවක් මත මෘත දේහය ඇතුලත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ.
  • අවසන් කටයතු ඥාතීන් දෙදෙනෙකු, සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතුය යන්න අදාළ මාර්ගෝපදේශයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here