Home Hit අනවසර පදිංචිකරුවන් වන පවුල් 350කට පමණ එම ඉඩම්වල අයිතිය

අනවසර පදිංචිකරුවන් වන පවුල් 350කට පමණ එම ඉඩම්වල අයිතිය

231

ලක්ෂපාන විදුලි බලාගාරය හා ජලාශය ආශ්‍රිතව අනවරසයෙන් පදිංචි වී සිටින පුද්ගලයන්ට, ඔවුන් දැනට භාවිතා කරන ඉඩම්වල අයිතිය ලබා දීමට තිරණය කර තිබෙනවා.

එසේ පදිංචිව සිටින පවුල් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර පවරා දියහැකි තත්වයේ පවතින ඉඩම් පදිංචිකරුවන් වෙතම පවරා දීමට පියවර ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා බළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ලක්ෂපාන විදුලි බලාගාරය හා ජලාශය ආශ්‍රිතව පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී බළධාරීන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ පවුල් 350 ක් පමණ එසේ අනවසරයෙන් පදිංචි වී සිටින බවයි.

මාස 03 ක් ඇතුළත මිනුම් කටයුතු සිදුකර, ඒ පිළිබඳව තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍යවරයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here