Home Health ධර්මදීපය ලෙස හඳුන්වන ලංකාවේ වසරකට ගබ්සා 48000ක්

ධර්මදීපය ලෙස හඳුන්වන ලංකාවේ වසරකට ගබ්සා 48000ක්

307

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක් සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශය එළිදැක්වීමේ උත්සවයට ඊයේ (03 වැනිදා) සහභාගි වෙමිනි.

එසේම වසරකට මළ දරු උපත් 1900ක් සිදුවේ. ඉන් 35%ම කලල ආබාධ හෝ විකෘතිතා හේතුවෙන් සිදුවන දරු උපත් බවද ඔහු පැවසීය. ලෝකය පුරා පුද්ගලයන් මිලියන 8ක් පමණ උපත් ආබාධ නිසා පීඩා විඳිති. බිලිඳු මරණවලින් 11%ක්ද කුස තුළ මියයන දරුවන්ගෙන් 10%ක්ද මියයාමට හේතුව උපත් ආබාධ බව සෞඛ්‍ය අංශ පවසයි. ශ්‍රී ලංකාවේ වසරකට බිලිඳුන් 5800ක උපත් ආබාධ සහිතව ඉපදෙන බව සඳහන් වේ.

උපත් ආබාධ සහිත දරුවන් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජානමය හෝ පාරිසරික සාධක නිසා ගර්භය තුළදීම ඇතිවන ශරීරයේ කොටස්වල ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාකාරිත්වයේ විකෘතිතාවන් සහිත දරුවන්ය.

ශ්‍රී ලංකාවේ උපත් ආබාධවලට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ හෘද රෝග, ගාත්‍රා ආබාධ, පැලී තොල් ජානමය ආබාධ, ස්නායු නාළ ආබාධ, වකුගඩු ආබාධ, සුළු ආබාධ ය. මේ වන විට දරුවන් 9440ක උපත් ආබාධ හේතුවෙන් රෝහල්ගතව සිටින බවද විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here