Home Hit පාස්කු කොමිසම නිශ්ශංක සේනාධිපතිව කැඳවා ප්‍රශ්ණ නොකලේ ඇයි..?

පාස්කු කොමිසම නිශ්ශංක සේනාධිපතිව කැඳවා ප්‍රශ්ණ නොකලේ ඇයි..?

509

මතභේදයට තුඩු දුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති පාස්කු කොමිසමට කැඳවා ප්‍රශ්න නොකළේ මන්දැයි පුජ්‍ය හැඬිගල්ලේ විමලසාර හිමියන් විමසා සිටිනවා.

ඒ, ජාතික විද්වත් සංඝ සභාව විසින් අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී යි.

අවි පුහුණුවක් ලබා දීම සඳහා අවසර ඇත්තේ මෙරට ආ‍රක්ශක අංශ වලට පමණක් වුවද ඇවන්ට්ගාඩ් සමාගම විසින් විවිධ පුද්ගලයන් සහ සංවිධානයන්ට අවි පුහුණුව ලබා දී ඇති බවත් එසේ අවි පුහුණුව ලබා දෙනු ලැබුවේ කිනම් පාර්ශව වලටද යන්න මේ වන තෙක් හෙළි වී නොමැති බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

මෙරට ගිණිඅවි ආඥා පනත උල්ලංඝණය කරමින් අනවසර ගිණිඅවි 7000ක් පමණ තමන් සතුව තබා ගනිමින් මෙම සමාගම විසින් අවිපුහුණුව ලබා දෙනු ලැබුවේ කාහටද? ඒ පිළිබඳව නිශ්ශංක සේනාධිපතිව පෙළඹුවේ කවුරුන්ද? යන කාරණා පිළිබඳව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් හෙළිදරව් කරගත යුතුව තිබූ බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

එම සම්පූර්ණ මාධ්‍ය සකච්ඡාව පහතින්..

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here