Home Hit බටහිර පර්යන්තය ගැන කැබිනට් ප්‍රකාශය දැක මවිතයට පත් වුණා – ඉන්දීය මහ...

බටහිර පර්යන්තය ගැන කැබිනට් ප්‍රකාශය දැක මවිතයට පත් වුණා – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය

492

කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා අදානි සමාගම ඉදිරිපත් කළ ආයෝජන ව්‍යාපෘතියට කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇතැයි කැබිනට් තීරණ දැනුම් දෙමින් රජය ඊයේ කළ ප්‍රකාශය මවිතයට කරුණක් බව නිල රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග අද අවධාරණය කර තිබේ.

එම ආරංචි මාර්ග කියා සිටියේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය ආයෝජන තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජය මිස ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නොවන බවයි.

බටහිර පර්යන්තය සඳහා අදානි පෝර්ට් ඇන්ඩ් ස්පෙෂල් ඉකොනොමික් සෝන් සමාගම ඉදිරිපත් කළ යෝජනාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබුණු බව ඊයේ (02) නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිල නිවේදනයේ සඳහන් විය.

එහි දැක්වුණේ කැබිනට් මණ්ඩලය පත් කළ සාකච්ඡා කමිටුව ආයෝජකයින් ඉදිරිපත් කරන්නැයි ඉන්දියා හා ජපාන තානාපති කාර්යාලවලට දැනුම්දුන් නමුත් ජපානය යෝජනා ඉදිරිපත් නොකළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here