Home Hit පාස්කු ප්‍රහාරයට වත්මන් ආණ්ඩුවේ ඉහළම පුටුවල ඉන්න අය වගකියන්න ඕනෙ..!

පාස්කු ප්‍රහාරයට වත්මන් ආණ්ඩුවේ ඉහළම පුටුවල ඉන්න අය වගකියන්න ඕනෙ..!

476

තව්හීද් ජමාත් ව්‍යාපාරය සහ එම ව්‍යාපාරයේ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් බුද්ධි අංශ විසින් නඩත්තු කිරීම පිළිබඳව සෙවීම පාස්කු ඉරුදින සිදුවූ තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසම විසින් මග හැර ඇති බව පුජ්‍ය හැඬිගල්ලේ විමලසාර හිමියන් පෙන්වා දෙනවා.

ඒ, ජාතික විද්වත් සංඝ සභාව විසින් අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී යි.

මෙලෙස වැටුප් ගෙවූ බවට රජයේ සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාද පිළිගෙන ඇති බවයි උන්වහන්සේ සිහිපත් කර සිටින්නේ.

“2009න් පස්සෙ තව්හීද් ජමාත් ව්‍යාපාරයත් බුද්ධි අංශත් සමගාමීව වැඩ කරලා තියෙන්නේ. එහෙම වැඩ කළා නම්, පඩි ගෙව්වා නම්, එහෙම පඩි ලබපු පිරිසක් තමයි 2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදු කළේ. එහෙනම්, මේ කොමිසමට තිබුණා ඒ පඩි ලබපු පුද්ගලයන් කවුද? පඩි දෙන්න නිර්දේශ කළේ කවුද? කියලා හොයන්න. එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ වත්මන් ජනපති ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා. එහෙනම්, එතුමාගේ අනුදැනුමකින් තොරව මෙහෙම සිද්ධියක් වෙන්න බෑ” යැයි උන්වහන්සේ පවසයි.

සහරාන් හෂීම් ඇතුළු පිරිසගේ ප්‍රහාරයට හේතු වූයේ බෞද්ධ අන්තවාදයක් හේතුවෙන් බවට කොමිසම විසින් ඒත්තු ගන්වන්නට උත්සහයක් දරන බවද එසේ වූවත් අන්තවාදී බෞද්ධ සංවිධාන ලෙස හඳුන්වනු ලබන සංවිධානද ක්‍රියාත්මක වූයේ බුද්ධි අංශ ප්‍රධානීන්ගේ අනුදැනුම මත බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

“එවකට පැවති රජය සහ බුද්ධි අංශ අර පැත්තෙන් ඉස්ලාම් අන්තවාදය සඳහාත් උදව් කළා. බෞද්ධ සංවිධාන වලටත් ඍජුව සහ වක්‍රව සහයෝගය දුන්නා. සිද්ධවෙච්ච අන්තවාදී ක්‍රියාකාරකම් සහ ප්‍රහාර මේ අන්තවාදී සංවිධාන වක වුවමනාවට වඩා එම රජයේ අවශ්‍යතාවයක් බව ඉතාම පැහැදිළියි. මේ කිසිවක් පිළිබඳව කොමිසම කරුණු විමර්ශනය කරන්නේ නෑ.

ඇයි නොකරන්නේ? කරුණු විමර්ශනය කළා නම්, අද මේ ආණ්ඩුවේ ඉහළම පුටුවල ඉන්න අය මේවට වගකිව යුතුයි. ඉහළම පුටුවල ඉන්න අය කියනවට වඩා මම කැමතියි කියන්න ‘ඉහළම පුටුවෙ ඉන්න කෙනා’ වගකිව යුතුයි. ආණ්ඩුවේ ‘දෙවනියට ඉහළම පුටුවෙ ඉන්න කෙනාත්’ වග කියන්න ඕනෙ.” යැයි උන්වහන්සේ අවධාරණය කර සිටියි.

එම සම්පූර්ණ මාධ්‍ය සකච්ඡාව පහතින්..

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here