Home Environment අගරදගුරු නිකුත් කළ නිවේදනයේ කරුණු නිවැරදි නෑ – මධ්‍යම පරිසර අධිකාරිය

අගරදගුරු නිකුත් කළ නිවේදනයේ කරුණු නිවැරදි නෑ – මධ්‍යම පරිසර අධිකාරිය

340

මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රතික්ෂේප කරන බව සහ එහි සඳහන් තොරතුරු නිවැරදි නොවන බව මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“2021 ජනවාරි 21 වන දින අදරදගුරු නිවසේදී පැවති සාකච්ඡාවේ දී, මුතුරාජවෙලට කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට ඒ මහත්වරුන් අප හට පොරොන්දු වූ බව ” එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

එහෙත් එම සාකච්ඡාවේදී ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඉදිරියේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ එදින සාකච්ඡාවට භාජනය කළ අතිරේක සහ ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා තුරු කිසිදු හේතුවක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් කිසිදු ආයතනයකට තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා නොදෙන බවයි.

එම සාකච්ඡාවෙන පසු මේ දක්වා කිසිදු ලෙසකින් තාවකාලික හෝ ස්ථිර බලපත්‍ර ලබා දී නොමැති අතර අවම වශයෙන් අයදුම්පතක් හෝ භාර ගැනීම ප්‍රතික්ෂප කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here