Home Hit කිව්වෙ අයෝමය නායකත්වය කියලා, ඒත් ජනපතිට ගත්තු තීරණය ක්‍රියාත්මක කරගන්න බෑ

කිව්වෙ අයෝමය නායකත්වය කියලා, ඒත් ජනපතිට ගත්තු තීරණය ක්‍රියාත්මක කරගන්න බෑ

354

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව දෙස් විදෙස් විශේෂඥයන් බහුතරයක් පෙන්වා දී තිබියදී සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබියදී වසරකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා රජය ඒ සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත්, අවසානයේදී භූමදානය සඳහා අවසර ලබා දුන්නද තවමත් එම තීරණය ක්‍රියාත්මක කිරීමට තවමත් අසමත් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසනවා.

එදා ජනාධිපතිවරණයේදී අයෝමය නායකත්වයක්, සෘජු තීරණය ගන්නා බුද්ධිමත් නායකත්වයක් පිළිබඳව රටේ ජනතාවට සිහින පෙන්වූ නමුත් අද වනවිට ඒ අයෝමය නායකත්වය සෘජුව තීරණ ගත නොහැකි, ගන්නා තීරණය සෘජුව ක්‍රියාත්මක කර නොහැකි තත්වයට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

පසුගිය කාලයේදී නිකුත් කළ ගැසට් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරගත නොහැකිව අහෝසි කළ බවත් බාකීර් මාකර් මහතා පෙන්වා දෙනවා.

වසරකට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ ආගමික විස්වාස සමග සෙල්ලම් කළ ආණ්ඩුව අවසානයේදී මළසිරුරු භූමදානය සඳහා තීන්දු කර තිබියදී එය ක්‍රියාත්මක නොකිරීම රටේම අවාසනාවක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here