Home Hit කොවිඩ් එන්නත පමණක් විශ්වාස කිරීම බරපතල වරදක්

කොවිඩ් එන්නත පමණක් විශ්වාස කිරීම බරපතල වරදක්

423

එන්නත් කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබා කිසියම් රටක් කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතළ අත්වැරැද්දක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රියේසස් මෙම අනතුරු ඇඟවීම සිදුකරන ලද්දේ පෙරේදා (01) සූරිච් නුවරදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සෑම රටක් විසින්ම සිදුකරන ආසාදිතයන් අනාවරණය කර ගැනීමේ පරීක්ෂණ අඩුකිරීමකින් තොරව අඛණ්ඩව සිදුකළ යුතු බවද වෛද්‍ය ඇඩනොම් එහිදී අවධාරණය කරන ලදි. එසේම එන්නත් භාවිත කළද නොකළද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු අනිවාර්ය සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම කෙරෙහි තවදුරටත් පූර්ණ විශ්වාසය තැබිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here