Home Hit මෛත්‍රීගේ පුතාට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න උපදෙස්

මෛත්‍රීගේ පුතාට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්න උපදෙස්

290

හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහර දුන් බව කියන පොලීසියේ නිළධාරීන් සිව් දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නීතිපති විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබෙනවා.

පෑලියගොඩ පොලිසියේදී සැකකරුවකු බැලීමට ගිය අවස්ථාවකදී මිගාර ගුණරත්න මහතාට ප්‍රහරදීම සිදුකර ඇති අතර එම ප්‍රහාර දීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පති වෙත අද (03) උපදෙස් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here