Home Hit රටේ ජනතාවට කලින් මට එන්නත් ඕන නෑ

රටේ ජනතාවට කලින් මට එන්නත් ඕන නෑ

332

කොවිඩ් එන්නත්කරණය ප්‍රමුඛතා අනුපිළිවෙළින් බැහැරව සිදුකෙරෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඒ, දැදිගම ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයේ 49 වන වැඩසටහනට එක්වෙමින්.

එන්නත්කරණය ද මේ වන විට දේශපාලනීකරණය වී ඇතැයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

“රටවල්වල මොකද කියන්නේ, ඉස්සෙල්ල ම සෞඛ්‍ය කේෂ්ත්‍රය, සෞඛ්‍ය කේෂ්ත්‍රයට උදව් කරන ආරක්ෂක සේවය, ඊට පස්සේ වයස්ගත ජනතාව. එහෙම වර්ගීකරණයක් කරලා, යම්කිසි ප්‍රමුඛතා ලේඛනයක් තියෙනවා. මම තීන්දු කළා මම එන්නත ගන්නේ නෑ කියලා. කොහොම ද මම පොළිම පැනලා ඉන්ජක්ෂන් එක ගහගන්නේ. මට වස්ත්‍රයක් ඇඳගෙන ඒක කරන්න පුළුවන් ද? මට නම් ලැජ්ජාව භය කියන එක තියෙනවා. කොරෝනා හැදුනට කමක් නෑ මම නම් ඔය එන්නත් ගහගන්න යන්නේ නෑ රටේ ජනතාවට එන්නත් ටික ලබාදෙන්නට පෙර. “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here