Home Hit විදෙස් රටකින් වටිනා ත්‍යාග ලැබී ඇති බව පවසමින් ජනතාව මුලාකර ලක්ෂ ගණනින්...

විදෙස් රටකින් වටිනා ත්‍යාග ලැබී ඇති බව පවසමින් ජනතාව මුලාකර ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමේ ජාවාරමක්

270

විදෙස් රටකින් ත්‍යාගයක් ලැබී ඇති බව පවසමින් ජනතාව මුලාකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගැනීමේ ජාවාරමක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වනවා.

විදෙස් රටක මිතුරෙකු ලෙස පෙනී සිටිමින් ෆේස් බුක්, WhatsApp ආදී සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ ලබාදෙමින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී තිබෙනවා.

මෙරටට එවන බව පවසන එම තෑගි අතර වටිනා ජංගම දුරකතන, විදේශීය මුදල්, රත්‍රං බඩු මෙන්ම ඉහළ මිල ගණන්වලින් යුත් ඇඟලුම් හා පාවහන්ද වනවා.

මෙම වීඩියෝ දර්ශන එවීමෙන් පසු එම භාණ්ඩවල මුද්දර ගාස්තු ලෙස රුපියල් 95,000ක මුදලක් ගෙවන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.

ඒ මෙරටට අදාළ තෑගි භාණ්ඩ මෙරටට එවා ඇති බවට ඡායාරූප සාක්ෂිද යොමුකරමින්.

රුපියල් 95,000ක මුදලක් වංචනිකව ලබාගන්නා ඔවුන් මෙම වංචාව එතනින් නිමා කරන්නේද නැහැ.

මෙම වංචාවට දිනකට රැවටුණු සිය ගණනක් තොරතුරු ලබාදෙමින් පවසා සිටින්නේ මෙම විදෙස් මිතුරාගේ උගුලට තමන් හසුවී රුපියල් ලක්ෂ ගණන් මුදල් අහිමි කරගත් බවයි.

හෙට දිනයේ ඔබත් මෙම වංචාවේ ගොදුරක් බවට පත්වීමේ අවදානමක් පවතින බැවින්, සමාජ මාධ්‍ය ජාලා තුළ මෙවැනි ඉල්ලීම් පැමිණියහොත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here