Home Hit සමගි ජන බලවේගය හෙට සිට මෙරට හරිත පක්ෂය ලෙස වැඩ අරඹයි

සමගි ජන බලවේගය හෙට සිට මෙරට හරිත පක්ෂය ලෙස වැඩ අරඹයි

790

මේ වනවිට ගෝලීය වශයෙන් ව්‍යාප්ත හරිත දේශපාලන ව්‍යාපාරයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සමගි ජන බලවේගය හෙට (03) සිට සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට සූදානම් සිටින බව වාර්තා වේ.

එහි සමාරම්භක උළෙල Colombo City Centre කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි එහි සංවිධායකයන් පවසන්නේ.

සමස්ත ලෝකයම මුහුණ දී සිටින පාරිසරික අර්බුද හමුවේ හරිත දේශපාලනය පිළිබඳව විශාල කතාබහක් ලෝකය පුරා නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව මෙතෙක් පරිසරවේදීන්, පරිසර සංවිධාන හුදෙකලාව ගෙනගිය පරිසර අරගල සෘජුවම දේශපාලනය හා සම්බන්ධ වන අතර පරිසරය අද වනවිට පරිසරය ආරක්ෂා කර ගැනීම, හරිත වැඩපිළිවෙල දේශපාලනයේ ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව තිබේ.

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිඳව දිගු හැදෑරීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ හරිත ව්‍යාපාරය ලෙස පෙනී සිටීමට තීරණය කර ඇති අතර හෙටින් ඇරඹෙන විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ඒ අනුවයි.

ඒ සඳහා ප්‍රමුඛ දායකත්වයක් දැක්වීමේ අරමුණින් සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට පරිසර විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරමින් සිටින බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here