Home Hit විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් O/L විභාගය ලියූ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් O/L විභාගය ලියූ 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

254

මුලතිව් , සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේදී විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනෙකෙකු ලෙස පෙනී සිටි 27 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ පාසලක විභාගයට මුහුණ දුන් සිසුවෙකුට තවත් සිසුන් තිදෙනෙකු පහර දීමේ සිද්ද්ධියක්ද වාර්තා වී ඇති බව මාධ්‍ය පරකෂකවරයා සඳහන් කරනවා.

පහර කෑමට ලක් වූ සිසුවා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර අතර නිරෝධායන රීතින් උල්ලංඝණය කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ දෛනික කටයුතු අවසන් වීමෙන් පසු පුද්ගලික අධ්‍යාපන ආයතන විසින් සිසුන්ට විවිධ අත්පත්‍රිකා බෙදා දීමේ සිදුවීම් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් අද දිනයේ සිට විශේෂ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here